දුරගමන් සේවා බස් රථ නැවැත්වීම නොකළ යුතු ප්‍රදේශ
දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ හරහා දුරගමන් සේවා බස් රථ සඳහා ගමන් කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
නමුත් අදාළ පොලිස් බල ප්‍රදේශයන්වල එම බස් රථ නැවැත්වීම සහ මගීන් බැස්සවී හෝ මගීන් ගැනීම සිදු නොකළ යුතු බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
