News

දෙයියන්දර අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක්

මාතර දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අද (13) අලුයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි.

මෙතෙක් කරන ලද විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙයියන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.