ඉවුම් පිහුම්

දෙහි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

ලුණුදෙහි (පැණි රස) 500g

විනාකිරි අඬුකෝප්ප 1

වියළි මුද්දරප්පලම් 50g

සීනි 100g

අඹ චට්නි මේස හැඳි 4

දෙහි කොළ 5

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

ලුණුදෙහි පොඩියට කපාගන්න.

සීනි, අඹ චට්නි, වියළි මුද්දරප්පලම් විනාකිරෙන් බ්ලෙන්ඩ් කරන්න.

බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට කපාගත් ලුණුදෙහි එකතු කරන්න.

සෝදා පිරිසිදු කරගත් දෙහි කොල 5ක් එකතු කර දින දෙකකට පසු ප්‍රයෝජනයට ගන්න.

රස අනුව ලුණු එකතු කරන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා