News

දෛනික කොවිඩ් ආසාදිතයන් 500ය ඉක්මවා ගිය දිස්ත්‍රික්කයක්

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 500ය ඉක්මවා වාර්තා වීම පළමු වරට සිදුවී ඇත.

ඊයේ (15) දිනයේ මේ අනුව ආසාදිතයන් 704ක් හඳුනා ගත් අතර විදෙස් වල සිට පැමිණි පිරිසක් ද ඒ අතර වේ. එමෙන්ම හඳුනාගත් ආසාදිතයන් ගෙන් 541දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස ගම්පහ, ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වී තිබේ. මේ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 13,780ක් වේ. කෙසේ නමුත් ඉන් 8070 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය සඳහන් කරයි.