නවක මන්ත්‍රීවරුන්ට විශේෂ වැඩමුළුවක්
නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති නවක මන්ත‍්‍රීවරුන්ට දින 3 ක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසා ඇත.
පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර නව කථානායකවරයා තේරී පත්වීමෙන් පසු මෙම වැඩමුළුව පිළිබඳ දින වකවානු තීරණය කරන අතර පාර්ලිමේන්තු වරප‍්‍රසාද, පාර්ලිමේන්තුවේ ඉතිහාසය, ස්ථාවර නියෝග සහ මන්ත‍්‍රීවරුන්ගේ වගකීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදි නවක මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි.
