News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකසන සාමාජිකයින්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ කෙටුම්පත සකස් කිරීම සඳහා සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇත.

සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම කමිටුවේ සාමාජිකයන් පහතින් දැක්වේ.

01.ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
02.ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
03.ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
04.ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
05.ජනාධිපති නීතිඥ සමන්තා රත්වත්තේ
06.මහාචාර්ය නදීමා කමුර්දීන්
07.මහාචාර්ය ජී.එච් පීරිස්
08.මහචාර්ය වසන්ත සෙනෙවිරත්න
09.ආචාර්ය ඒ. සර්වේෂ්වරන්