නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට තීරණයක්
මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එක ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂය මාලාව සංශෝධනය කෙරනු ලබන අතර අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේය.
මෙරට ආර්ථික රටාව,රැකියා වෙළඳපොළ ආදි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි නව විෂය නිර්දේශය සකස් කිරීමට නියමිත බව ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කරයි.
අධ්‍යාපන වෘත්තිකයන්,සිසුන්,ව්‍යාපාරිකයින්,විවිධ කාර්මික ශිල්ප ශ්‍රේණිවල නිරත වූවන්ගේ අදහස් හා යෝජනා මේ සඳහා ලබා ගැනීමට සැලසුම් කර ඇත.
නව විෂය නිර්දේශය හරහා වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් ළමා මනසට එල්ල වන දැඩි පීඩනය තුරන් කිරීමට ද සැලසුම් කර ඇති අතර නව විෂය නිර්දේශය ලබන වසරේදි පාසල්වලට හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
