නවතම ප්‍රවෘත්ති

නායයාමේ අවදානම ඇති ස්ටැඩන් වතු යාය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් නායයාමේ අවදානමට ලක් වී ඇති හැටන් ස්ටැඩන් වතු යායේ බටහිර කොටස ඊයේ (20) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්විය.

මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන්ඔයට ඉහළින් එම වතු යායේ කොටසක් ඉරිතලා ගිලා බැසීම හේතුවෙන් වතු කම්කරු පවුල් 23 ක සමාජිකයන් 54 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරිය පසුගියදා පියවර ගෙන තිබුණී.