News

පොලීසිය කොවිඩ් පැතිරීම වැලැක්වීමට ජනතාව දැනුවත් කරයි

කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලමින් එදිනෙදා කටයුතු සිදුකිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ දී සිදුකරනු ලැබුණි .

නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් .කේ ජයනෙත්ති පාලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ, ප්‍රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. පී කුරුවිට විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුණි.

මෙහිදී ව්‍යාපාරිකයන් , වෙළඳාම් කටයුතු කරන පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් දැනුවත් කළ බව පොලීසිය පවසයි.

හේමන්ත ලියනපතිරණ