News

නාවලපිටියේ පාසල් සිසුවියකට කොරෝනා

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සදහන් කළේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඒ බව තහවුරු කර ගත් බවයි.

නාවලපිටිය නගරයේ වෙළෙඳසැළක සේවය කළ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ දියණියට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

එම පාසල් සිසුවියට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරු සිව්දෙනෙකු සහ සිසුවියන් 16දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.