News

නාවික හමුදා සාමාජිකයින් 8කට සුවයි

කොවිඩ් 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 756 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව නාවික හමුදාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිත 901 දෙනාගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 145 ක් වේ.