නැගෙනහිර කොවිඩ් ආසදිතයෝ 1000 ඉක්මවා යයි
නැගෙනහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දහස ඉක්මවා ගොස් තිබේ.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එල්. ලතාකරන් සනහන් කර ඇත්තේ ආසාදිත පුද්ගලයන් ගණන 1,004 දක්වා වැඩි වී ඇති බවයි.
නැගෙනහිර පළාතේ වැඩි ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් වැඩිම ආසාදිතයන් ගණන අක්කරයිපත්තුව සෞඛ්‍ය කොට්ඨාසයෙන් වාර්තා වේ. කොරෝනා ආසාදිතයින් 306 දෙනෙකු අක්කරයිපත්තුව සෞඛ්‍ය කොට්ඨාසයෙන් හඳුනාගෙන තිබේ.
නැගෙනහිර පළාතේ මරණ සම්බන්ධයෙන් සලකා බැලීමේදී මරණ 5ක් වාර්තා වී ඇත.
