නිරායුධ කළු ජාතිකයෙකුට ඇමරිකානු පොලිසිය 7 වරක් වෙඩි තබයි
ඇමරිකානු විස්කොන්සින් පොලිසිය විසින් නිරායුධ කළු ජාතිකයෙකුට 7 වතාවක් වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා යළිත් උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබේ.
විස්කොන්සින් හි කෙනෝෂා හිදී කිහිප වතාවක් ජෝකබ් බ්ලේක් නමැති 29හැවිරිදි මෙම කළු ජාතිකයාගේ පිටුපසට වෙඩි තබා ඇත.
පියා මෙසේ පොලිස් වෙඩි පහරට ලක් වෙද්දී ඔහුගේ දරුවන් වන පුතුන් තිදෙනාම සිටියේ වාහනය තුළ ය.
ඔහුට වෙඩි තබා තිබෙන්නේ ගෘහස්ථ ආරාවුලක් සම්බන්ධයෙන් පොලිසිය සමග කතා කර ආපසු සිය වාහනයට යන අතරවාරයේ ය.
මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.
වෙඩි තැබීම් සිද්ධියේ වීඩියෝපට සමාජ මාධ්‍ය පුරා පැතිර ගොස් මේ වනවිට රටපුරා යළිත් විරෝධතා ඇතිවී තිබේ.
ප්‍රාන්තයේ ඇඳිරි නීතිය පැනවීමක්ද සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විස්කොන්සින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති අතර මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුවන බව පොලීසිය කියයි.
ඇමෙරිකාවේ ආසන්න කාලසීමාවේදී කළු ජාතිකයන්ට පොලීසියෙන් එල්ල වූ හිංසාවන් හමුවේ බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ මාලාවක්ද ක්‍රියාත්මක වූ අතර, අවසානයේදී එම උද්ඝෝෂණ ඇමෙරිකාව තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය වර්ධනය වීමටද හේතු විය.

