News

නිරෝධනයට යමින් සිටි පිරිසක් අධිවේගයේදී අනතුරට

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබූ සූඛෝපභෝගී බස්රථයක් ඊයේ (10) රාත්‍රී 10.40ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ දී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබිය දී 25 වන කිලෝමීටර කණුව අසල දී බස්රථය අනතුරට ලක්ව ඇති අතර බස්රථයේ ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි පොලීසිය සැක කරයි.

අනතුරින් බස්රථ රියදුරු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, අනතුර හේතුවෙන් කටුනායක සිට කොළඹ දෙසට වු අධිවේගී මංතීරුව තාවකාලිකව වසා දමා ඇති අතර ඒ අනුව කොළඹ දෙසට පැමිණෙන මගීන් ජා – ඇළ පිවිසුම් දොරටුවෙන් ඇතුළු විය හැකි බව ද වාර්තා වේ.