වෙළඳාම් කරපු පොලිස් සැරයන්ට වැඩ වරදී
නිවසේ ස්වයං නිරෝධයනයට යොමුකර සිටි මාතලේ මහවෙල පොලිසියේ සැරයන්වරයකු තම සිල්ලර වෙළඳසැල විවෘත කර වෙළඳාම් කටයුතු සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වේ.
පෑලියගොඩ මාළු වෙළඳසැලට ගිය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ පියෙකු මෙම පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණ තිබෙන අතර එම පැමිණි පුද්ගලයට කොවිඩ් ආසාදිත බවට ලැබුණු තොරතුරක් මත, මහවෙල පොලිසියේ සැරයන්වරයා නිවසේ නිරෝධායනයට ලක්කර තිබුනා.
පසුව අදාල සැරයන් වරයා මෙලස තම පෞද්ගලික වෙළඳසැල විවෘත කරගෙන භාණ්ඩ අලෙවි කර තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.
