News

නිරෝධානයේ සිටි වෛද්‍යයවරයා වෛද්‍ය මධ්‍යස්ථානයේ ලෙඩුන් බලයි

නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙකුට ස්වයං නිරෝධානයට යොමු වන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලබාදුන් උපදෙස් නොතකමින් ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය ඊයේ (21) විවෘත කර රෝගින් පරික්ෂා කර ඖෂධ නිකුත් කර තිබේ.

එම වෛද්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යයවරයෙකු ලෙස කටයුතු කරන බවත් නාවලපිටිය පල්ලේගම කොවිඩ් 19 වෛරසය අසාදනය වී දැනට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටින අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු වන බවත්‍ නාවලපිටිය නව කුරුදු වත්ත සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පවසයි.

මේ හේතුවෙන් නාවලපිටිය උලපනේ නගරයේ තිබෙන ඔහුගේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයක් වසා දමා වෛද්‍යවරයාට තවදුරටත් ස්වයං නිරෝධනයේ සිටින ලෙස නාවලපිටිය නවකුරුදුවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ කටයුතු කර තිබේ.