නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට
කිලිනොච්චිය විඩත්තපලෙයි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගමන්කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
ලෙබනනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුර හේතුවෙන් 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත්කර තිබේ.
ඉන් බරපතළ තත්වයේ පසුවූ රියදුරු ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ජලනලයක ගැටී නතර වී ඇති අතර පලෙයි පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
