News

නිරෝධායනයට ලක් කළ 12දෙනෙකු නීති උල්ලංඝනය කරයි

කොරෝනා ආසාදිතයෙකු රැඳී සිටිම හේතුවෙන් නිරෝධායනයට ලක් කළ කතරගම ප්‍රදේශයේ හෝටලයක සිටි 12දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කර තිබේ.

අප වාර්තාකරු සදහන් කළේ ඔවුන් පිරිස ඊයේ (16) රාත්‍රීයේ මත්පැන් පානය කර සාදයක් පවත්වා, ඉන් අනතුරුව මහජන ‌සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගේට්ටුවෙ අලවා තිබූ නිරෝධායන ට ලක් කර ඇති බව හැඟවෙන දැන්වීම් පත්‍රිකාව ඉරා දමා ඇත.

ප්‍රදේශවාසීන්ගේ පැමිණී මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් පැමිණ අද (17) උදෑසන ඔවුන්ට අවවාද කර නැවතත් එම දැන්වීම අලවා ඉන් පිටව ගොස් තිබේ.

එම හෝටලය අවට ප්‍රදේශවාසීන් සදහන් කළේ නිරෝධාන නීති උල්ලංඝනය කරමින් හෝටලය තුලට පිටස්තර පුද්ගලයින් ගෙන්වාගැනීම සහ හැසිරීම නිසා ඔවුන්ට ද කොවිඩ්-19 වෛරසය වැළඳීමේ අවදානමක් ඇති බවයි.

ඊයේ (16) රාත්‍රීයේ සාදය පවතින අතුරතුර කතරගම පොලීසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ට දුරකථනයෙන් දැනුම් දී තිබුණද ඔවුන් එම ස්ථානයට අද උදෑසන වන තෙක් නොපැමිණි බව ප්‍රදේශවාසීන් පවසයි.

පසුගිය 7වනදා මෙම හෝටලයට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කරන ලද යුද හමුදා කෝප්‍රල්වරයෙකු ඔහුගේ බිරිද බිරිඳ සහ දරු දෙදෙනා ඇතුළුව තවත් විසි එක් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ පැමිණ තිබේ.

ඔවුන් කතරගම පූජා භූමිය වන්දනා කර, කිරි වෙහෙර සහ දේවාලය වන්දනා කිරීමෙන් පසු නවාතැන් ගෙන ඇත්තේ අදාළ හෝටලයේදීය.

ඉන් අනතුරුව පසුදින මෙම පිරිස හෝටලයෙන් පිටත් වී තිස්සමහාරාම පුදබිමට පැමිණ ඇති අතර තිස්සමහාරාම පුදබිම වන්දනා කිරීමෙන් අනතුරුව ඒ ආසන්නයේ පිහිටි ඇළකින් නා එම කණ්ඩායම කිරින්ද පූජාභූමිය වෙත ගොස් ඇත.