News

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් බලා පිටව යයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පවතින නිරෝධායනය මධ්‍යස්ථානවලදී නිරෝධායනය අවසන් කළ 241දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගොස් තිබේ.

ගුවන් හමුදා පැවසුවේ වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි 164දෙනෙකු සහ මුලතිව් නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි 77දෙනෙකු මෙලෙස පිටව ගිය බවයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලෙහිම මේ වන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 485දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ.