News

නිරෝධායනය අවසන් කළ තවත් 425ක් අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 425ක් අද (13) සිය නිවෙස් වෙත පිටත් කර යැවීමට නියමිතව තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ තවදුරටත් පුද්ගලයින් 3800 අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බවයි.

මේ දක්වා නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති පිරිස 7,664 කි.