News

නිරෝධායනය අවසන් කළ 219ක් පිටව යයි

ගුවන් හමුදාවේ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 219 කු අද (18) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

ඔවුන් සියළු දෙනා මැදපෙරදිග රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් වෙයි.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 104 දෙනෙකු තම නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද පිටව ගොස් ඇත.