News

නිරෝධායනය කළ හෙදියට ඩෙංගු

බස්නාහිර පළාතෙන් අනුරාධපුර මෙත්සිරි සෙවණ රෝහලට පැමිණ නිරෝධායනය වෙමින් සිටි හෙදියක් ඇතුළු පුද්ගලයන් තිදෙනකුට​ ඩෙංගු රෝගය වැලඳී ඇති බව අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වසංගත රෝගි ප්‍රධානී වෛද්‍ය තේජන සෝමතිලක ඊයේ (5 වැනිදා) පැවැසීය.

මෙම තිදෙනා PCR පරීක්ෂණයකට ලක්කර ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු වුවද පසුව සිදුකළ රුධිර පරීක්ෂණයකදී ඔවුනට ඩෙංගු රෝගය වැලඳී ඇති බව හෙළි වී තිබේ. මේ වන විට රජරට වැසී සමය ආරම්භ වී ඇති නිසා ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව දැඩි විමසිල්ලෙන් ක්‍රියාකළ යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

කේ.එම්.එස්. කරුණාරත්න – අනුරාධපුර