News

ඇඳිරි නීති තිබුනත් බැංකු ඇරලා

ගම්පහ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා හෙට (26) දින විවෘතව තබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍යවන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතකර අදාළ බැංකු ශාඛා වෙත පැමිණියහැකි බව වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) දින පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය හිමිවේ.

ඒ බැවින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවිසැල් සහ ඖෂධ වෙළෙඳසැල් විවෘතකර තැබෙන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.