News

නිරෝධායන නීති කැඩු 1900කට නඩු

නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඉදිරියේදී තවත් පිරිසකට නඩු පැවරීමට කටයුතු කරන බවයි.

ගත වු පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 2044 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.