News

නිරෝධායන නීති කැඩූ පිරිසක් අත්අඩංගුවට

 

 

ගතවූ පැය 24ක කාලයේ නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 34දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එම පිරිස මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අනුව නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 2415 දෙනෙකු ඔක්තෝම්බර් 30දින සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 2250 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව වාර්තාවේ.