News

නිරෝධායන නීති කැඩූ 10කටම කොවිඩ්

එමක පවුලකට අයත් ආසාදිතයන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිත බව ගාල්ල මකුළුව ගම්මානයෙන් වාර්තා වේ.

ගාල්ල මකුළුව ගම්මානයේ නිවෙස් හා අවට ප්‍රදේශ විශබීජහරණය කිරීම සහ ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (09) සිදුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පියා ආසාදිතයෙකු වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකර තිබූ පවුලක මව හා දරුවන් 4දෙනා ආසාදිත බව මින් පෙර හඳුනාගත් අතර නිරෝධායන නීති වලට අනුකූලව නොසිටීම නිසා ඔවුන් සබන්ධතා පැවැත්වූ ඥාතීන් 4දෙනෙකුට අසාදිත බව ඊයේ තවුරුකර ගෙන ඇත.

එම පුද්ගලයන් ගම්මානයේ තවත් අය සමඟ සබන්ධතා පවත්වා ඇතිබව අනාවරණය කරගෙන ඇත.