News

නිවැසියන් නිරෝධායනයේ හොරු ගේ ඇතුලේ

කොවිඩ් වසංගත අවදානම හමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර සිටි පවුලකට අයත් නිවසකට සොරුන් ඇතුළු වී එහි තිබූ උපකරණ කිහිපයක් ගෙන යාමේ පුවතක් වාර්තා වේ.

මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇත්තේ මිනුවන්ගොඩ හොරන්පැල්ල ගාලකඩේ නිවසකකින් බව වාර්තා වේ.

නිවසේ තිබූ CCTV කැමරා පද්ධතිය ක්‍රියාත්මක වුවත් සොර පිරිස නිවසට ඇතුළු වූ පසු ඒවාට හානිකර ඇති බව ද පැවසේ. පසුව කල සොයා බැලීම් වලදී නිවසේ තිබූ ගෘහ භාණ්ඩ ඇතුළු විදුලි උපකරණ රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.