Food

නිවිති බත් හදමු!

අවශ්‍ය ද්‍රව්‍ය

බත් කෝප්ප 5

නිවිති කෝප්ප 2 1/2

ලොකු ලූනු ගෙඩි 1

ඉඟුරු මේස හැඳි 1

සුදුලූනු මේස හැඳි 1/2

එනසාල් 4

කරාබුනැටි 4

අඟල් 1 ප්‍රමාණයේ කුරුඳුපොතු කැබලි 2

තක්කාලි කෝප්ප 1/4

අමුමිරිස් කරල් 4

අඟල් 1 ප්‍රමාණයේ රම්පේ කැබලි 2

ගිතෙල් හෝ එළඟිතෙල් මේස හැඳි 5

ලුණු ස්වල්පයක්

 

සාදාගන්නා ක්‍රමය

භාජනයකට තෙල් දමා මද ගින්නේ තබා එය තරමක් රත්වූ පිට ඊට ලොකු ලූනු, අමුමිරිස්, එනසාල්, කරාබුනැටි කුරුඳු සහ රම්පේ දමා මදක් බැදගන්න. පසුව ඉඟුරු හා සුදුලූනු ඊට එක්කොට නැවතත් බැඳගන්න. ඉන්පසු තක්කාලි ද එක්කොට එයද බැදීගෙන එනවිට නිවිති  මුසුකරගන්න. අවසානයේ පිසගත් බත් ද ඊට එක්කොට හොඳින් මිශ්‍ර කරගන්න. නිවිතිවල ගුණය සුරැකෙනු පිණිස එය අවශ්‍ය ප්‍රමාණයට පමණක් බැදගන්න. 

ආහාර වට්ටෝරුව එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් රචිත ‘රසින් සපිරි මැලේ බොජුන්’ පොතෙන්…