නුසුදුසු ආහාර අනුභවයෙන් වසරකට ලක්ෂ 4කට වඩා මැරෙනවා
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අපිරිසුදු හා භාවිතයට නොසුදුසු ආහාර අනුභවය නිසා ගෝලීයව වසරකට පුද්ගලයන් හාරලක්ෂ විසි දහසක් පමණ මරණයට පත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන පවසයි.
වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ලොව පුරා මිලියන 600කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් එනම් සෑම දස දෙනකුගෙන් එක් අයෙක් අවුරුදු පතා රෝගී වන බවයි.
එම ප්‍රමාණයෙන් සියයට හතළිහක්ම අවුරුදු පහට අඩු දරුවන් වන බවත් ඔවුන් අතරින් එක් ලක්ෂ විසිපන්දහසක් පමණ වසරකට මරණයට පත් වන බවත් හෙතෙම කීවේය.
එම නිසා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සියලු දෙනාගේම වගකීමක් බව වෛද්‍යවරයා සඳහන් කළේය.
චාමර පල්ලේගෙදර
