News

නෙදර්ලන්තයෙන් ආ මත්පෙති පාර්සලය

රුපියල් දෙකෝටි හතළිස් අට ලක්ෂයක වටිනාකමකින් යුක්ත මත්පෙති තොගයක් සමග සැකකරුවකු, කටුනායක ගුවන්තොටුපොළ භාණ්ඩ නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් ඊයේ (11 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නෙදර්ලන්තයේ සිට එවා තිබූ ඇඟලුම් සහිත පාර්සලයක සඟවා තිබියදී මෙම මත්පෙති 4960 සොයාගෙන තිබේ.

මෙම මත්පෙති තොගය සහ සැකකරු ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

 

හේමන්ත ලියනපතිරණ