ඉවුම් පිහුම්

නෙළුම් අල කැඳ

අලුත් නෙළුම් අල 500g

කැකුළු හාල් 100g

ගාගත් පොල් 50g

සුදුලූනු 10g

ඉඟුරු අඟල් 2

වතුර අඬුකෝප්ප 8

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

හාල් සෝදා භාජනයකට දමන්න.

එයට වතුර සමඟ ඉඟුරු සහ සුදුලූනු එකතු කරන්න.

උතුරන විට ගින්දර අඩු කරන්න.

නෙළුම් අල සෝදා සිහින්ව කපා වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරගන්න. නැතිනම් කොටාගන්න.

බ්ලෙන්ඩ් කරගත් පසු ඉස්ම පෙරාගන්න.

ඉතුරු රොඩු කොටසට පොල් දමා, නැවත වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරන්න.

බත්වල වතුර පෙරා ඉඟුරු කෑල්ල අස්කර බ්ලෙන්ඩ් කරගෙන හෝ පොඩි කරගන්න.

බ්ලෙන්ඩ් කරගත් බත්වලට පොල් දා මිරිකාගත් යුෂ දමා බත්වලින් පෙරාගත් කැඳ එක්කර ලිප තබා උතුරන විට ගින්දර අඩුකර උඩට එන පෙණ අස්කරගන්න.

කැඳවලට ලුණු එකතු කරන්න.

ඉන්පසු මුලින් මිරිකාගත් යුෂ දමා විනාඩි 2ක් පමණ හැඳිගාමින් ගින්දර නිවන්න.

ගින්දර නිවා ලිප මතින් භාජනය ඉවත් කරගත් පසු තව විනාඩි 3ක් පමණ හැඳිගාන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා