පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි
වසර විසිහයක් තිස්සේ එක් අයකු දරන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවද පක්ෂයේ නායකයා වීමට අවශ්‍ය සුදුසුකම් තමන්ට ඇති බවද එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක ඊයේ (19 වැනිදා) හැටන්හි පැවැති ජන හමුවකදී පැවසුවේය.
තමා එජාපයේ ඉහළ තැන සිටින නිසා පක්ෂයේ නායකයා වීමට හැකි බව කී හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්ව තමන් රටේ ජනාධිපති හෝ අගමැති පුටුවට යන බවද නවීන් දිසානායක කීවේය.
වසර විස්සක් පුරා දේශපාලනයේ සිටිමින් පක්ෂයේ දෙවැනි හෝ තුන්වැනි ස්ථානයේ සිටින තමාට අවශ්‍ය පළමු තැනට පැමිණීමට බවද එකම පුද්ගලයකුට අවුරුදු 26ක් පක්ෂ නායකත්වයේ සිටිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
සිතාර ඉරාෂ් – වටවල
