News

පයාගල මුහුදු තීරයේ රු. කෝටියක් වටිනා පාර්සලයක්

පයාගල ගිස්බන් වෙරළ තීරයේ තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් අඩංගුවට පාර්සලයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පයාගල පොලීසිය පැවසුවේ අද (22) අලුයම සොයාගත් මෙම පාර්සලයේ කොකේන් කිලෝ 1කට අධික ප්‍රමාණයක් තිබූ බවයි.

අදාළ පාර්සලය තුළට ජලය නොයෙන ලෙස ඊයම් කොලයකින් ද ඔතා තිබූ බව පයාගල පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.