පරිප්පු සහ සැමන්වල උපරිම මිල ඉවතට
පරිප්පු සහ ටින් මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබීය.
එහෙත් එම අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එම උපරිම මිල සීමාව ඉවත් කර තිබේ.
