පලාගල ප්‍රා.සභාවේ ගොඩනැගිලිවල කුණු වෙච්ච ලූනු, පරිප්පු තොග පිටින්
අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හා පලාගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ ඒකාබද්ද වැටලීමකදී පලාගල ප්‍රාදේශීය සභාවේ සුඛෝපබෝගී ශ්‍රවනාගාරයක හා තවත් සභාවට අයත් ගොඩනැගිල්ලක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු බීලූනු තොගයක්, පරිප්පු මලු කිහිපයක්, ලූනු තොගයක් සොයාගෙන තිබේ.
මෙලෙස එම සොයාගත් බීලූනු තොගයෙන් බොහොමයක් පැලවී තිබූ අතර බොහොමයක්ම නරක්වූ ඒවාය. පරිප්පු මිටි කිහිපය සහ තවත් ඇසුරුම් කළ පරිප්පු මලු කිහිපයකම පණු කැදලි බැඳි තිබිණි. ලුණු පැකට් තොගයද කල්ඉකුත්වී ඇත. මෙම ද්‍රව්‍ය සියල්ල කොරෝනා වසංගතය වෙනුවෙන් සහන මිලට අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව හෙළි වී ඇත.
ප්‍රාදේශීය සභාව පිටුපස ගොඩනැගිල්ලේ තිබූ පරිභෝජනයට නුසුදුසු බී ලූනු තොගය ප්‍රාදේශීය සභාවේම සේවය කළ හිතවත් පුද්ගලයකුගේ බව සභාපති ආර්.ඒ. වික්‍රමසිංහ පැවසීය. තමාගෙන් කළ ඉල්ලීමක් මත ඔහුට එම ලූනු තොගය ගබඩාකර ගැනීමට ගොඩනැගිල්ල ලබාදුන් බවත් කියයි.
වැටලීම කළ නිලධාරීන්ට ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා පෙරේදා (06දා) දිනයේ කාලය ප්‍රමාණවත් නොවීමෙන් ආහාර ද්‍රව්‍ය සහිත ශ්‍රවණාගාරය සහ අනෙක් ගොඩනැගිල්ලට මුද්‍රා තැබීමට කටයුතු කර ඇත. නැවත ඊයේ (07දා) මෙම භාණ්ඩ තොගය මිනුම්කටයුතු සිදුකර විනාශ කිරීමට කටයුතු කරන බව අදාළ පුද්ගලයින් පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට ආරම්භකර ඇති බවත් වැටලීම සිදුකළ නිලධාරීහු පවසති.
