News

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පාඨමාලාවේ පුහුණුව සදහා අයදුම්පත් කැඳවයි

පවුල් ‌සෞඛ්‍ය සේවා නිලධාරිනි තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුව සදහා බදවාගැනීමට අදාළ විද්‍යුත් මාධ්‍යයෙන් අයදුම්පත් කැදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම අමාත්‍යංශය සදහන් කළේ 2015, 2016 හෝ 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් සමත් සිසුවියන්ට මෙම පාඨමාලා පුහුණුවට අයදුම් කළ හැකි බවයි.

එම පාඨමාලාව සදහා අයදුම්පත් භාරගැනීම ලබන මස පළමු වනදා දක්වා භාර ගැනෙනු ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.