News

පශ්චාත් මැතිවරණ සමය සාමකාමියි

පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි.

මැතිවරණයෙන් පසු ගෙවුණු සතිය පුරා කළ නිරීක්ෂණවලින් පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව නිරීක්ෂණය කළ හැකිවූ බවත් ඒ සමය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් ලැබී ඇති අතර ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන බවත් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මැතිවරණ නීති නොතකමින් නීතිවිරෝධී ලෙස රථ පෙළපාලිවල නිරතවීම ආදී කරුණු වැඩි වශයෙන් වාර්තා වී ඇත.

සිවිල් සංවිධාන දියත් කළ වැඩසටහන් මෙන්ම මැතිවරණ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර පශ්චාත් මැතිවරණය සමය සාමකාමී වූ බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.