පසුගිය වසරේ බස් ධාවනයෙන් ලංගමට කෝටි 1635ක්
පසුගිය වසරේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ ධාවනයෙන් හිමි වූ වාර්ෂික ආදායම රුපියල් කෝටි එක්දහස් හයසිය තිස්පහක් බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස ‘අරුණ’ට ඊයේ (7 වැනිදා) පැවැසීය.
එම මණ්ඩලයට 2019 වසරේදී බස් රථ ධාවනයෙන් උපයා දුන් ආදායම රුපියල් කෝටි දෙදහස් හත්සිය හැටක් බවද කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් මෙවර එම ආදායම අහිමි වී ගිය බවද හෙතෙම කීවේය.
2019 වසරේදී වැඩිම ආදායම මාර්තු මාසයේත් වැඩිම පාඩුව ජනවාරි මාසයේත් වාර්තා වී තිබෙන අතර, 2020 වසරේ වැඩිම ආදායම ජනවාරි මාසයේත් වැඩිම පාඩුව අප්‍රේල් මාසයේදීත් සිදුව ඇත.
එෆ්. අස්ලම්
