News

පළාත් කිහිපයකට ප්‍රභල අකුණු සමග වැසි

නැගෙනහිර, උතුර-මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.