News

පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ පළාත් කිහිපයකට හෙට (23) දිනයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

එමෙන්ම වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සබරගමුව පළාතෙත් නුවර-එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

නැගෙනහිර සහ ඌව පළාත් වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.