Top Story

පළාත් සභා ඡන්දෙට අලුත් ඡන්ද ලක්ෂ එකහමාරක්

2018 සඳහා ලියාපදිංචි වන අලුත් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ එක හමාරක් පමණ වනු ඇති බවත්, ඒ අනුව සමස්ත ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි හැට ලක්ෂයකට (1,60,00,000) ආසන්න විය හැකි බවත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පැවසී ය.

ඡන්ද දායකයින්ගේ නම් ඇතුළත් තාවකාලික ලේඛනය මේ වන විට අන්තර්ජාලයට සහ ග්‍රාමනිලධාරීන්ට නිකුත් කර ඇති අතර එම ලේඛනය පරීක්ෂා කර බලා, අභියාචන ඉදිරිපත් කිරීමට සැප්තැම්බර් 6 දක්වා කල් දී ඇත.

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට සුදුස්සන්ගේ නම් ඇතුළත් 2018 නිල ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝබර් 19 පමණ වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසයි.