News

පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර

පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇතිව ඇති බවට වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාවය හිමි වී ඇති බවට වාර්තා වෙයි.