News

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100කට වැඩි තද වැසි

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද (09) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි.

එමෙන්ම උතුරු මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව සදහන් කළේය.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

මේ අතර කළුගග කලවැල්ලාව ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවධානමක් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම අත්තනුගලු ඔය දුනමලේ ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම මධ්‍යස්ථාන සදහන් කරයි.