ප්‍රදේශ කීපයක පැය 10 ක ජල කප්පාදුවක්
කළුතර හා අවට ප්‍රදේශවල හෙට(12) උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10 ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.
වස්කඩුව,වාද්දුව,පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර(උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙම ජලකප්පාදුව බලපැවැත්වෙයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබලය සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජලය කපා හරිනු ඇත.
