ප්රවීණ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු අභාවප්රාප්ත වෙයි
ලාංකික සිනමාවේ සටන් කලාවට නවමානයක් ගෙනා සටන් නළුවෙකු වූ ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත වී ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින විට ඔහු මිය ගියේය.
සටන්කාමී චරිතාංග ඇතුළත් චිත්රපට 100කට පමණ තම ප්රතිභාපූර්ණ දායකත්වය ලබා දුන් ඔහු බොක්ස්ඔෆික්ස් වාර්තා පිහිට වූ රුහුණු කුමාරි, හාරලක්ෂය, සරදියෙල්ගේ පුනා, රජගෙදර පරවියො, රක්තා, සූරයන්ගෙන් සූරයා සහ තුෂාරා වැනි චිත්රපටවලට රංගනයෙන් දායක විය.
රෝගී තත්ත්වයෙන් සිට ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.
