News

ප්‍රසන්න සහ චානක සිය අමාත්‍යංශවල වැඩ බාරගනී

සංචාරක ඇමති ලෙස පත්වීම් ලද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (13) සිය අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.

මෙම අවස්ථාවට ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී.චානක මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මාපා පතිරණ මහත්වරු ද ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී. චානක මහතා ද අද (13) සිය අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.