News

පාටකළ කහ නිසා පිළිකා අවදානමක්

දැනට වෙළඳපොළෙහි ඇති කහ කුඩු පරිභෝජනයට නුසුදුසු ලෙස යලි සකසා ඇති බවට කරුණු අනාවරනය වී ඇති බව පරිභෝගි කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා.

දිවයිනම ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රික්කයකම කහ කුඩු සාම්පල ලබාගෙන පරික්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පසුගියදා පියවර ගෙන තිබුණා.

ඒවායේ පරීක්ෂණ වාර්තා මේවනවිට ලැබී ඇති අතර කහ කුඩු වලට හාල් පිටි, පාන් පිටි, කහ පරිප්පු සහ කඩල පරිප්පු මෙන්ම විවිධ වර්ණක භාවිත කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි පවසන්නේ.

කහ වර්ණකය ලැබෙන පරිදි සකස් කරන මෙම කහ කුඩු වල මිනිස් සිරුරට අහිතකර සංඝටක හෝ පිළිකා කාරක ඇත්දැයි සෙවීමට අධිකාරියේ අවධානය යොමුව ඇත .

එමෙන්ම පරිභෝජනයට අහිතකර බල වර්ගයේ කහ සකසන්නන්ට එරෙහිව මහේස්ත්‍රාත් අදිකරණ වල නඩු පැවරීමට කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා .