පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්රීවරු එක පිළකට එයි
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ‘දෙමළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ එකමුතුව’ නමින් නව සංවිධානයක් පිහිටුවා ගැනීමට අවධානය යොමුකර තිබේ.
දෙමළ මන්ත්රීවරු මෙරට සමස්ත දෙමළ ජනතාව වෙනුවෙන් පොදු බලවේගයක් ලෙස නැගී සිටීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන ඇත.
දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ප්රගතිශීලී සන්ධානය යන පාර්ලිමේන්තු නියෝජනයක් ඇති දේශපාලන පක්ෂ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවීමට නියමිතව ඇතැයි දෙමළ ජාතික සන්ධාන ආරංචිමාර්ග සඳහන් කරයි.
උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ සහ උඩරට වතුකම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම ඇතුළු දෙමළ ජනතාවට අහිතකර ක්රියාමාර්ගවලදී පාර්ලිමේන්තුවේ ප්රබල හඬක් නැගීමද මෙමගින් බලාපොරොත්තු වේ.
එස්.අස්ලම්
