පාර්ලිමේන්තුව රැස්වෙනවද නැද්ද? කියන්නේ අද
රටේ උද්ගතව ඇති කොවිඩ් තත්ත්වය හේතුවෙන් හෙට (08 වැනිදා) සහ අනිද්දා (09 වැනිදා) පාර්ලිමේන්තු රැස්වීම් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ පක්ෂ නායකයන් විසින් අද (07 වැනිදා) තීන්දු කිරීමට නියමිතය.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ දී පක්ෂ නායකයන් තීරණය කළේ අද (07 වැනිදා) දහවල් රැස් වී නැවත අවසන් තීන්දුවක් ගැනීමටය.
කෙසේ නමුත් අද (07 වැනිදා) සිට පැවැත්වීමට නියමිත කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට එහිදී තීරණය විය.
අද (07 වැනිදා) ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියැවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියැවීම, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියැවීම විවාදයට ගනු ඇත.
අජිත් අලහකෝන්
