News

පාසල් නිවාඩුව දික්වෙයි

 

දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරක් පුරාම කොවිඩ් ආසාදිතයන් හමු වීම නිසා තෙවන පාසල් වාරය නොවැම්බර් නව වන දින ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
තෙවන පාසල් වාරය නොවැම්බර් නව වන දින ආරම්භ කිරීමට අවශ්‍ය නිර්දේශ ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.

එහෙත් දැනට පවතින තත්ත්වය මත පාසල් විවෘත කිරීමේ සුදුසු වාතාවරණයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි. දෙවන වාරයේ පාසල් විවෘත කිරීම සඳහා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටුව සමගද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තීරණය කර තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලැබුණු පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පාසල් යළි විවෘත කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

තෙවන පාසල් වාරය නොවැම්බර් නව වන දින ආරම්භ කිරීමට අවශ්‍ය නිර්දේශ ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.

එහෙත් දැනට පවතින තත්ත්වය මත පාසල් විවෘත කිරීමේ සුදුසු වාතාවරණයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි. දෙවන වාරයේ පාසල් විවෘත කිරීම සඳහා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටුව සමගද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තීරණය කර තිබේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලැබුණු පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පාසල් යළි විවෘත කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

උදයජීව ඒකනායක